Wednesday, September 4, 2013


එදා මෙදා තුර කඳුලට විවර වූ - දෑස් පියන්පත් කවුලු වසා..
ලයේ ගලා ගිය සෙනේහයේ සුව - සිනා පිරූ රත් දෙතොල වසා
මිලාන වී ගිය රෝස කුසුම් පෙත් - කම්මුල් සුදු මැලි පාට හොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට -සොඳුරිය මට නොකියාම ගියා...

දෑස් කවුළු පත් පලා කඳුලු කැට - වෑහෙද්දී මගෙ දෑස් අඟින්lyrics
කාත් කවුරුවත් වෙත්ත් හිතයි මට - පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් - ඔබෙ මුව දොවත්තත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි - ඈත් නොවේමැයි ඒ සුවඳින්....

ඊයේ ඉපදී අද මිය යන්නට - පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි -  ආඩර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියේ ඔබ නෑ - ඇයි මේ ලොව මා තනීව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්- වී අප ඉපදෙමු එකට ප්‍රියේ


වසන්ත ගමගේ

No comments:

Post a Comment